How to view Geek Magazine - ගීක් මැගසින් එකේ වීඩියෝ පාඩම් නරඹන්නේ කෙසේද?

  • වීඩියෝ නැරඹිය හැකි කරම දෙකකි

    1)පරිගණක මෘදුකාංගය හරහා

    2)ෆෝන් එකේ හෝ පරිගණකයේ වෙබ් බ්‍රවුසර් එකෙන්

    1) පලමු ක්‍රමය: පරිගණක මෘදුකාංගය හරහා

    Geek Magazine Desktop මෘදුකාංගය විවෘත කලාමා පහත ආකාරයේ මුහුණතකින් එය දැකගන්න පුලුවන්.

    මවුස් එකෙහි ස්ක්‍රෝල් එක කරකැවීමෙන් අහි ඇති වීඩියෝ අතර පහසුවෙන් ගමන් කරන්න පුලුවන්. එහි පින්තූර මත ක්ලික් කිරීමෙන් එයට අදාල Tutorial Videos නරඹන්න පුලුවන්.

    ඒ සඳහා Desktop Software එක Download කරගැනීම පහත ලින්ක් එකෙන් පුලුවනි.

    https://eteaching.lk/magazine/download/app

    ඔබගේ OS එකට අදාල ෆයිල් එක ඩවුලෝඩ් කිරීමට අදාල බට්න් එක මත ක්ලික් කරන්න. එය Portable App එකක් නිසා Install කිරීමට අවශ්‍ය නොවේ. Zip File එක Extract කරගැනීමෙන් අනතුරුව එහි තුල ඇති Geek_Mag ලෙස ඇති File එක මත ඩබල් ක්ලික් කිරීමෙන් එය විවෘත කරගැනීමට පුලුවනි. DVD එක මිලදී ගත්තේනම් එය තුලද එවැනි ආකාරයේ මෘදුකාංගයක් ඇති අතර ඔබගේ OS එකට අදාල ෆොල්ඩර් එක තුල ඇති Geek_Mag මෘදුකාංගය මත ඩබල් ක්ලික් කිරීමෙන් එය විවෘත කරගැනීමට පුලුවනි.

    2) දෙවන ක්‍රමය: ෆෝන් එකේ හෝ පරිගණකයේ වෙබ් බ්‍රවුසර් එකෙන්

    ඔබගේ Mobile Phone එකේ හෝ පරිගනකයේ බ්‍රවුසර් එකෙන් පහත වෙබ් සයිට් එකට පිවිසීමෙන්ද අදාල Tutorial Videos නරඹන්න පුලුවන්

    http://eteacher-v2.test/magazine/geek/1

    එවිට පහත දැක්වෙන ආකාරයේ පින්තූර මත ක්ලික් කිරීමෙන් එයට අදාල වීඩියෝ එක නැරඹීමට පුලුවනි.

    වීඩියෝ පාඩම් නැරඹීමට Online Version එක හෝ DVD එක මිලදී ගත යුතුයි. එය කරන ආකාරය දැන ගැනීමට මෙය Click කරන්න.

    ඉංග්‍රීසි ඉගෙන ගැනීමට සපයා ඇති ටූල් එක ඉංග්‍රීසි මධ්‍යයෙන් ඇති වීඩියෝ වලදී Space Bar එක ඔබා ලබාගන්න පුලුවනි.

    මේ පිළිබඳව සම්පූර්ණ විස්තරය සහිත වීඩියෝව නරඹන්න මෙය Click කරන්න.