Question

viewed 912 times

    • 0

    සරසවි යන්න යම් පොදු පරීක්ෂණය අනිවාර්යයිද?


    මම මෙවර උසස් පෙළ විභාගය සඳහා දෙවන වරට පෙනී සිටිමි. පසුගිය විභාගයේ සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය (General English) සදහා A සාමාර්ථයක්ද පොදු පරීක්ෂණයට (Common General test) ලකුණු 65ක් ද ලබාගතිමි. මෙවර උක්ත විෂයට දෙකට ම නැවත පෙනී සිටීම අවශ්‍ය වේ ද? ඒවාට පෙනී නොසිටීම විශ්වවිද්‍යාල ප්‍රවේශයට ගැටලු ඇති කරයි ද?

    Add a Comment
Answers
    • 0

    සාමාන්‍ය ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍රයට කෙසේ වෙතත් පොදු පරීක්ෂණයට නම් අනිවාර්යයෙන් පෙනී සිටිය යුතු ය. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා පොදු පරීක්ෂණය සමත්ව තිබීම අනිවාර්ය කරුණකි. සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සමත්වීම විශ්වවිද්‍යාල ප්‍රවේශයේ දී යම් පාඨමාලාවක් හැදෑරීමට සුදුසුකම් ලැබීම සඳහා දැනට අත්‍යාවශ්‍ය නො වේ. කෙසේ වෙතත් කළ යුතු හොඳ ම දෙය නම් පසුගිය වසරේ මෙන් ම මෙම ප්‍රශ්න පත්‍ර දෙකට ම පෙනී සිටීම ය.

    Add a Comment
Your Answer