Question

viewed 1027 times

    • 0

    දහම් පාසල් අවසානය සරසවි යන්නේ සුදුසුකමක් නොවේනම් සුදුසුකමක් වන්නේ මොනවට ද?


    දහම් පාසැල් අවසාන සහතික පත්‍ර විභාගය සමත් වීමෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ලකුණු 10 ක් ලැබෙන බව ඇතැම්හු පවසති. එහෙත් පසුගිය විදුසර පුවත්පතක එක් ලකුණු එකතු කිරීමක් සිදු නො වන බච පළ විය. එසේ නම් දහම් පාසල් අවසාන විභාගය සමත්වීම සුදුසුකමක් වන්නේ කුමක් සඳහා ද?

    Add a Comment
Answers
    • 0

    දැනට සරසවි සඳහා සිසුන් බඳවා ගැනීමේ දී සලකා බලන්නේ Z ලකුණු ක්‍රමය මත පදනම් ව බැවින් ඔබ සඳහන් කරන ලකුණු 10ක් එකතු කිරීම කෙසේ වත් විය නොහැකි ය. ජාතික/අන්තර්ජාතික මට්ටමේ දක්ෂතා ලැබූ සිසුන් යම් සරසව් පාඨමාලාවක් සඳහා වූ කඩ ඉම් ලකුණු ප්‍රමාණයට 02ක් ඇතුළත සීමාවේ සිටින විට ඔහු හෝ ඇය සරසවියට බඳවාගැනීම සඳහා සලකා බැලීමට සම්මුඛ පරික්ෂණයක් සඳහා කැඳවීම පමණක් සිදු කෙරේ. ඒ හැරුණු විට වෙනත් කිසිදු විහාගයක් සමත්වීම නිසා සරසවි ප්‍රවේශය සඳහා ලකුණු එකතු කිරීමක් නො කරේ.

    සරසවි ප්‍රවේශය සඳහා නොසැලකු පමණින් දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සුදුසුකමක් නැති විහායක් ලෙස අත් හැර දැමිය නොහැකි ය. රැකියාවකට යාමේ දී පුද්ගලයෙකු දහම් අධ්‍යාපනයක් ලබා ඇති බවට දහම් පාසල් අවසාන සහතික පත්‍රය හොද සහතිකයක් වන අතර රැකියාවකට අයත් කිරිමේ දී දහම් පාසල් අවසාන සහතික පත්‍ර විහාගයේ ප්‍රතිඵල අධ්‍යාපන සුදුසුකම් යටතේ සදහන් කළ හැකි ය.

    Add a Comment
Your Answer