Post

viewed 933 times

    • 0

    බැස්ටීරියාවන් සතු ව ඉතා හොඳ මතකයක් තියෙනවා


    බැක්ටීරියා යනු හුදෙක් ඒ මොහොතේ දී ඇති වන උත්තේජයකට (ක්‍රියාවකට) ප්‍රතිචාර දක්වන ජීවියකු යෑයි ඇතැමුන් සිතා සිටියත් එය නිවැරැදි නො වේ යැයි නවතම අධයයනයකින් හෙළි වනවා. බැස්ටීරියා ක්‍රියා කරන්නේ තමන් මීට පෙර ලද අත්දැකීම් ඔස්සේ වර්ධනය කරගත් මතයක් ඔස්සේ බවයි මේ අධ්‍යයනය පෙන්වා දෙන්නේ.

     

    බැක්ටීරියා සතු ව උසස් මතකයක් ඇති බව පෙන්වා දෙන ලද මේ අධ්‍යයනය සිදු කර ඇත්තේ රොකෆෙලර් විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය ලුසියාගේ මරපිනි අතුළු පිරිස, මේ අධ්‍යයනය ගැන තොරතුරු Nature ජර්නලයේ පළ වී තිබෙනවා. ඔවුන් බැක්ටරියා සතු මේ උසස් මතකය ගැන සොයාගන්නේ වයිරස ප්‍රහාරවලට බැක්ටරියා මුහුණ දෙන ආකාරය ගැන කළ නිරීක්ෂණයක දීයි.

     

    Streptococcus pyogenes විශේෂයේ බැක්ටරියා තමන්ට පහර දෙන වයිරසවලට මුහුණ දෙන්නේ කෙලෙස දැයි කළ විමර්ශනයක දී පෙනී ගියේ එම බැස්ටීරියා සතු මතකය උසස් ජීවීන් ගේ මතකයට සමාන බවයි.

Comments
Your Comment