Post

viewed 980 times

    • 0

    දූ දරු වැඩිහිටි සබදතා නව සන්නිවේදන තාක්ෂණයෙන් තල්ලුවක්.


    බොහෝ වැඩිහිටියන් නවීන සන්නිවේදනයට සම්බන්ධ තාක්ෂණයන් ගැන එතරම් ප්‍රසාදයක් දක්වන්නේ නැහැ. ෆේස්බුක් මඟින් හෝ චැට් මගින් හෝ ස්කයිප් මගින් හෝ සන්නිවේදනයෙහි යෙදෙන්නට ඔවුන් තුළ ලොකු උනන්දුවක් නැහැ. එසේ වුවත් මවුපිය දූ දරු සබඳතා වර්ධනයට මේ නව සන්නිවේදන තාක්ෂණය මහත් සේ බලපාන බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙනවා. මේ අධ්‍යයනය සිදු කර ඇත්තේ කැන්සාස් විශ්වවිද්‍යාලයයේ සන්නිවේදන අධ්‍යයන අංශයෙහි Jennifer Schon.


    ‘‘වැඩිහිටි අය තුළ නව සන්නිවේදන ක්‍රම ගැන එතරම් ප්‍රසාදයක් නොමැති බව ප්‍රකාශ වි තිබුණත් දූ දරු සබඳතා ඉහළ නැංවීමට මේ නව සන්නිවේදන ක්‍රම හේතු වී තිබෙන බව පෙනී යනවා. එනම් දැන් දැන් වැඩිහිටියන් මේ ක්‍රම කෙරෙහි ප්‍රසාදය දක්වන බව පෙනී යනවා.”
    ජෙනිපර් තම අධ්‍යයනයේ දී වයස අවුරුදු 18ත් 29ත් අතර පුද්ගලය 367 දෙනකු ගේ මවුපිය සම්බන්ධතා හා ඔවුන් භාවිත කරන සන්නිවේදන උපකරණ ගැන තොරතුරු රැස් කළා. එහි දී පෙනී ගියේ සාම්ප්‍රදායික ක්‍රමවලින් සන්නිවේදනයේ යෙදෙන්නට වැඩිහිටි දරුවන් තුළ ඇත්තේ ඉතා ම අඩු උනන්දුවක් බවයි. මවුපියන් දරුවන්ට ලිපි ලිවීම කළත් දරුවන් ඊට පිළිතුරු ලිවීමක් කර නො තිබූ තරම්.


    ස්ථාවර දුරකථනවලින් මවුපියන්ට දුරකථන පණිවිඩ දීමට වැඩිහිටි දරුවන් ගෙන් සුළු පිරිසක් පෙලඹී සිටි අතර තම ස්ථාවර දුරකථනවලින් දරුවන්ට කතා කිරීමේ ලොකු නැඹුරුවක් වැඩිහිටියන් තුළ පැවතියා. වැඩිහිටි දරුවන් සියලු දෙනා සතු ව ජංගම දුරකථන එකක් හෝ ඊට වැඩි ගණනක් පැවැති අතර ඔවුන් ගේ මවුපියන් අතර ජංගම දුරකථන තිබුණේ සියයට පනහක පමණ ප්‍රතිශතයකට. එහෙත් මේ මවුපියන් අතරින් විශාල ප්‍රතිශතයකට ස්ථාවර දුරකථන පැවතියා. සමහර වැඩිහිටි දරුවන් තමන් ම ජංගම දුරකථන මිල දී ගෙන තිළිණ කරන තුරු සමහර මවුපියන් ජංගම දුරකථන පාවිච්චි කර තිබුණේ නැහැ. මුල දී එතරම් කැමැත්තක් නො දැක්වුවත් දරුවන් ගේ කෙටි පණිවිඩ ආදියට මාපියන් ද පසුව ඉතා ආසාවෙන් ප්‍රතිචාර දක්වන බව පෙනී ගියා. දුරකථන, ජංගම දුරකථන, විද්‍යුත් තැපැල්, ස්කයිප් හා වීඩියෝ සංවාද වැනි ක්‍රම රාශියකම ප්‍රයෝජන ලබමින් දරුවන් හා සන්නිවේදන සබඳතා පවත්වන මාපියන් ද සිටියා. මෙලෙස වැඩි ක්‍රම ගණනකින් දරුවන් සමඟ පණිවිඩ හුවමාරුවේ යෙදෙන මාපියන් තම සන්නිවේදන සබඳතා ගැන එසේ නො වන අයට (ක්‍රම එකක් පමණක් භාවිත කරන) වඩා තෘප්තියෙන් පසු වන බව ද පෙනී ගියා.
    එනම් තම හදිසි රෝගයක් හෝ වෙනත් හදිසි අවශ්‍යතාවක් ගැන හෝ දරුවා දැනුවත් කිරීම පහසුවෙන් කිරීමට නවීන සන්නිවේදන තාක්ෂණ ක්‍රම රාශියක් භාවිත කිරීම ඵලදායි වූ බව හෙළි වූවා.

     

Comments
Your Comment