Post

viewed 1040 times

    • 0

    දරුවන්ගේ භාෂා ග්‍රහණයට රූපවාහිනිය හරස් වෙයි.


        කුඩා දරුවකු ගේ භාෂාව අත්පත් කරගැනීමේ හැකියාවට හෙවත් භාෂා උපාර්ජන හැකියාවට (Language Acquisition) රූපවාහිනිය අහිතකර ලෙස බලපාන බව Hollinsවිශ්වවිද්‍යාලයයේ  පර්යේෂකයන් පිරිසක් විසින් කරන ලද අධ්‍යයනයකින් පෙනී යනවා.

    කුඩා දරුවන් මූලිකව ම භාෂා උපාර්ජනයේ යෙදෙන්නේ තම පරිසරයේ සිටින පුද්ගලයන් වෙතින් පිට වන වචනවලින්. එහෙත් රූපවාහිනි වැඩසටහන්වලට වැඩිපුර නිරාවරණය වන දරුවන්ට පුද්ගලයන් වෙතින් වදන් උකහාගැනීමේ අවස්ථා අඩු වන බව මේ අධ්‍යයනය මෙහෙයවූ Tiffany A pempekපෙන්වා දෙනවා.

     

        මේ අධ්‍යයනය සඳහා පර්යේෂකයන් සහභාගි කරගත්තේ මාස 12 සිට 36 දක්වා වූ වයසේ පසු වූ ළදරුවන් පිරිසක් හා ඔවුන් ගේ මවුපියන්. මේ දරුවන්ට හා මවුපියන්ට දිනකට පැය 5.5 බැගින් රූපවාහිනිය බලන්නට ඉඩ දුන්නා. එසේ ඉඩ දෙන අතර මවුපියන් තෙපලන. වදන් ගණන විමසීමකට බඳුන් කළා. එසේ ම දරුවන් ගේ ඇඳුම් වලට සවි කළඋපකරණයක් හරහා ඔවුන් තෙපලන වදන් ගැන ද විශ්ලේෂණයක් කළා.

     

        එහි දී පෙනී ගියේ රූපවාහිනිය ක්‍රියාත්මක ව තිබෙන අවස්ථාවල දී වැඩිහිටියන් ගෙන් පිට වන වචන ප්‍රමාණය විශාල ලෙස අඩු වන බවයි.

    පැයක දී සාමාන්‍යයෙන් වැඩිහිටියකු වචන 800ක් 940ක් පමණ තෙපළන නමුත් මේ ප්‍රමාණය රූපවාහිනි නැරඹිමක දී විශාල ලෙස අඩු වනවා. වැඩිහිටියා රූපවාහිනිය නරඹන අතරතුර මොනවා හෝ දෙයක් කිව්වත් රූපවාහිනියේ ශබ්ද නිසා දරුවාට එය නිසි ලෙස ග්‍රහණය කරගත හැකි වන්නේ නැහැ. රූපවාහිනිය ක්‍රියාත්මක ව තිබෙන කාලය අතරතුර හා ඉන් පැය කීපයක් අතරතුර දරුවා තෙපලන වදන් රෙකෝඩරයක් හරහා ලබාගෙන තිබූ අතර එය ද විශ්ලේෂණයට බඳුන් කෙරුණා. එහි දී පෙනි ගියේ ඔවුන් වෙන දා තෙපළන වදන් ගණනට වඩා අඩු වඳන් ගණනක් තෙපලූ බවයි. මේ ප්‍රතිඵලවලින් පෙනෙන්නේ දරුවා ගේ භාෂාඋපර්ජනයට සැලකිය යුතු බාධාවක් රූපවාහිනිය සිදු කරන බවයි. 

     

        දරුවා භාෂාව ග්‍රහණය කරගන්නේ තමා අවට සිටින වැඩිහිටියන් වෙතින් නිසා ඔවුන් ගේ ශබ්ඳ නිසි ලෙස අසන්නට ඉඩ සැලැස්වීම මවුපියන් ගේ නිසි වගකීම වන බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. මේ අධ්‍යයනය ගැන තොරතුරු පළ වන්නේ Children and Mediaජර්නලයෙහි.

Comments
Your Comment